ඉගෙනුම් පලය 1බ්රිතාන්ය පාලනයට එරෙහි ජාතික ප්රතිරෝධය පෙන්වා දෙයි
ඉගෙනුම් පලය 2නිදහස් සටන්වල ස්වභාවය හා ප්රතිඵල විස්තර කරයි
1818
ඌව-වෙල්ලස්ස නිදහස් සටන
හේතු
- රජෙකු නොසිටීමේ දුක හා තමන්ගෙන් රජෙකු පත් කර ගැනීමේ ආශාව
- බ්රිතාන්ය පාලනයට එරෙහි අසතුට
- බුද්ධාගමේ ආරක්ෂාව පිළිබඳ ගැටලු
- ප්රදානීන්ගේ වරප්රසාද හා ආදායම් නොසලකා හැරීම
- හජි මරික්කාර් මඩිගේ මුහන්දිරම් ලෙස පත් කිරීම
සටනේ ස්වභාවය
- දොරේසාමි නම් අයෙකු සිහසුනට හිමිකම් කියමින් ඌව-වෙල්ලස්සේ සටන්කරුවන් හා එක් වීම
- බදුල්ලේ සහකාර දිසාපති විල්සන්ට කැරැල්ල මැඩලිය නොහැකි වීම
- කැප්පෙටිපොළ දිසාව ඇතුළු නායකයන් සටනට එක් වීම
- බ්රිතාන්යයන්ගේ විනාශකාරී මර්දන ප්රතිපත්තිය
අසාර්ථක වීමට හේතු
- කාර්යක්ෂම සංවිධානයක් නොතිබීම
- දළදාව බ්රිතාන්යයන් අතට පත් වීම
- ප්රදානීන් අතර පෞද්ගලික එදිරිවාදිකම්
- කුඹුරු හා බෝග විනාශ කිරීමේ ප්රතිපත්තිය
- දොරේසාමි සැබෑ හිමිකරුවෙකු නොවන බව හෙළි වීම
- නවීන අවි හමුවේ දේශීය සටන්කරුවන්ගේ දුර්වලතාව
- 1818 සැප්තැම්බර් 21ට පෙර යටත් වූවන්ට සමාව දෙන බවට ප්රකාශය
ප්රතිඵල
- උඩරට ජනතාව බ්රිතාන්යයන්ගේ දරුණු විනාශකාරී ප්රතිපත්තියට ගොදුරු වීම
- කැප්පෙටිපොළ හා මඩුගල්ලේ බෝගම්බරදී හිස ගසා මරා දැමීම
- අනෙක් නායකයන් ජීවිතාන්තය දක්වා පිටුවහල් කර දේපළ රාජසන්තක කිරීම
- 1818 ප්රකාශනය: ප්රදානීන්ගේ බලය අඩු කිරීම, වෙනත් ආගම් පැතිරවීමට ඉඩ දීම, බ්රිතාන්ය අධිකරණ ක්රමය
1848
1848 මාතලේ නිදහස් සටන
1833 කෝල්බෲක්-කැමරන් ප්රතිසංස්කරණ හා පසුව පැනවූ බදු 1848 සටනට පසුබිම සැකසීය.
හේතු
- රජය හා ජනතාව අතර සබඳතාව බිඳ වැටීම
- සාම්ප්රදායික යැපුම් ගොවිතැනට රජයේ සහාය නොලැබීම
- අධිකරණ ප්රතිසංස්කරණ නිසා ගැමියන්ට බාධා
- 1840 ඔටුන්න ඉඩම් ආඥාපනත (ස්ටුවර්ට් මැකන්සි ආණ්ඩුකාර)
- බුද්ධාගමට රජයේ සහාය නොලැබීම
- ටොරින්ටන් ආණ්ඩුකාරයාගේ බදු ප්රතිපත්තිය (කඩ බද්ද, බලු බද්ද, තුවක්කු බද්ද ආදිය)
සටනේ ස්වභාවය
- පෙත්සමක් ඉදිරිපත් කිරීමට එක් වූ ජනතාව අතර ඇති වූ නොසන්සුන්තාව නිසා ආණ්ඩුකාරයා යුද නීතිය පැනවීම
- සටන මාතලේ සිට මහනුවර, දඹුල්ල, වාරියපොළ හා කුරුණෑගල දක්වා පැතිරීම
- නායකයන්: වීර පුරන් අප්පු, ගොංගාලේගොඩ බණ්ඩා, හඟුරන්කෙත දිංගිරාළ
අසාර්ථක වීමට හේතු
- සංවිධානයක් හා අත්දැකීම් නොතිබීම
- උඩරට පුරා මාර්ග ජාලය පැතිරීම
- අවශ්ය විට අමතර හමුදා ගෙන්වා ගැනීමට බ්රිතාන්යයන්ට හැකි වීම
- නවීන අවි හා පුහුණු හමුදාවක් නොතිබීම
ප්රතිඵල
- ටොරින්ටන් ආණ්ඩුකාරයා හා යටත් විජිත ලේකම් එමර්සන් ටෙනන්ට් එංගලන්තයට කැඳවීම
- වැරදිකරුවන්ට දඬුවම් හා දේපළ රාජසන්තක කිරීම
- කඩ බද්ද, බලු බද්ද වැනි බදු අහෝසි කිරීම
- ගොවිතැන හා වාරිමාර්ග දියුණු කිරීමට රජයේ සහාය
💡 බදු සමහරක් අහෝසි කිරීම හා ගොවිතැනට සහාය දීම, මෙම සටනේ සාධාරණත්වය බ්රිතාන්ය පාලකයන්ද පිළිගත් බවට සාක්ෂියකි.
🗂️ ක්රියාකාරකම: 1818ද? 1848ද? 0 / 6
එක් එක් එක අයත් කාණ්ඩය තෝරන්න.
මාතෘකාව: “වගුව: 1818 හා 1848 නිදහස් සටන්”
- තීරු: වර්ෂය, නිදහස් සටනට හේතු, නායකයන්, ප්රතිඵල.
- පාඩම් පොත හා වෙනත් මූලාශ්ර භාවිත කරන්න.
- කණ්ඩායමක් ලෙස බ්රිස්ටල් බෝඩ් එකක සකස් කර පන්තියේ ප්රදර්ශනය කරන්න.
වචන 0ඊළඟ පාඩම් කාලයේ ඉදිරිපත් කරන්න.