ආක්ෂාගේ කතාව ⚡
අකුණු ගහන දවසක්...
ආක්ෂා රූපවාහිනිය නරඹමින් හිටියා. ඇගේ සහෝදරයා පරිගණකයේ වැඩක් කරමින් හිටියා. එකපාරටම අකුණු ගහන්න පටන් ගත්තා. පිටත සිට ආපු තාත්තා ඉක්මනින් උපකරණ වසා දමන්න කිව්වා.
ආක්ෂා එසැණින්ම රූපවාහිනිය වසා දැම්මා. ඒත් සහෝදරයාට පරිගණකය වසා දමන්න ටික වෙලාවක් ගියා. ඒ ගැන තාත්තා ඇහුවාම සහෝදරයා කිව්වේ:
"පරිගණකය අනිත් උපකරණ වගේ නොවෙයි. ඒක වසා දැමීමට අනුගමනය කළ යුතු ක්රියා පිළිවෙළක් තියෙනවා."
මතක තබා ගන්න
අකුණු ගසන විට පරිගණකය නිවැරදිව වසා දමා, ප්ලග් එක ගලවා තබන්න.