පරිගණකය කියන්නේ මොකක්ද, ඒකේ මූලික උපාංග මොනවාද කියලා සෙල්ලම් කරමින් ඉගෙන ගමු.
පරිගණකයක් යනු තොරතුරු හෝ දත්ත සැකසීම, ගබඩා කිරීම සහ හැසිරවීම සිදු කරන ඉලෙක්ට්රොනික උපාංගයකි.
පරිගණකය හැම වැඩක්ම කරන්නේ පියවර තුනකින්. ඔබ 2 + 3 ගණනය කරනවා යැයි සිතන්න:
අපි දත්ත ඇතුළත් කරනවා. ⌨️ 2 + 3 ටයිප් කිරීම
පරිගණකය වැඩේ කරනවා. 🧠 2 + 3 = 5 ගණනය
අපට ප්රතිඵලය ලැබෙනවා. 🖥️ තිරයේ 5 පෙන්වීම
මොහාන් පරිගණකය භාවිත කරන්න ගියාම, පරිගණකයට සම්බන්ධ කර ඇති උපාංගවල අඩුවක් ඇති බව දැක්කා. පරිගණකයක් නිසි අයුරින් ක්රියාත්මක වීමට සම්බන්ධව තිබිය යුතු අත්යවශ්ය උපාංග මොනවාද?
කාඩ්පතක් ඔබා බලන්න – ඒ උපාංගය කරන වැඩේ පෙනේවි!
ලේඛන කඩදාසි මත මුද්රණය කරයි.
ශබ්දය ලබා දෙයි.
හඬ පරිගණකයට ඇතුළත් කරයි.
ඡායාරූප, වීඩියෝ ඇමතුම් සඳහා.
කඩදාසියක ඇති දේ පරිගණකයට ඇතුළත් කරයි.
තනිවම ශබ්දය ඇසීමට.
පරිගණකයට දත්ත ඇතුළත් කරන උපාංග. (දත්ත පරිගණකය ඇතුළට යයි ⬇️)
පරිගණකයෙන් ප්රතිඵල ලබා දෙන උපාංග. (ප්රතිඵල පරිගණකයෙන් එළියට එයි ⬆️)
එක් එක් උපාංගය ආදාන ද ප්රතිදාන ද කියලා බොත්තම ඔබන්න.
පරිගණකය පිළිබඳ සංකල්පය හඳුන්වා දුන්නේ ගණිතඥයෙකු වූ චාල්ස් බැබේජ් (Charles Babbage). ඔහු නිර්මාණය කළ පරිගණකය Analytical Engine ලෙස හැඳින්වේ.
ශ්රී ලංකාවේ පරිගණක අධ්යාපනයේ පුරෝගාමියා ලෙස සැලකෙන්නේ මහාචාර්ය වී. කේ. සමරනායක මැතිතුමායි.
මුල්ම ඉලෙක්ට්රොනික පරිගණකවලින් එකක් වූ ENIAC (1946) ටොන් 27ක් පමණ බරයි. අද පරිගණකය සාක්කුවට දාගන්න පුළුවන්!
මුල්ම මූසිකය හැදුවේ ලීයෙන්! එය නිර්මාණය කළේ ඩග්ලස් එංගල්බාට් (Douglas Engelbart). කම්බිය වලිගයක් වගේ නිසා "Mouse" නම ලැබුණා.
යතුරු පුවරුවේ උඩම අකුරු පේළියේ මුල් අකුරු හයේ නම. මේ පිළිවෙළ මුලින්ම හැදුවේ පරණ යතුරු ලියන යන්ත්ර (typewriter) සඳහායි.
ජංගම දුරකථනය, ATM යන්ත්රය, ස්මාර්ට් TV – මේ හැම එකක් ඇතුළෙම පොඩි පරිගණකයක් වැඩ කරනවා.
ඔබට ඉටු කළ හැකි කාර්යයන් ඉදිරියේ ඇති කොටුව ලකුණු කරන්න.