10 ශ්‍රේණිය · ගණිතය · ඒකකය 10.17 · පාඩම 17

කුලක හා වෙන් රූප සටහන්

පන්තියේ ගණිතයට කැමති අය, විද්‍යාවට කැමති අය හා දෙකටම කැමති අය... කුලක හා වෙන් රූප සටහන් මගින් මෙවැනි තොරතුරු පැහැදිලිව පෙන්විය හැකියි.

ඉගෙනුම් පලය 1ඡේදනය, මේලය හා අනුපූරකය හඳුනා ගනී
ඉගෙනුම් පලය 2වෙන් රූප සටහනක ප්‍රදේශ සංකේතවලින් ලියයි
ඉගෙනුම් පලය 3n(A ∪ B) සූත්‍රය යොදයි
17.1

කුලක කර්ම

A ∩ B (ඡේදනය)
A හා B දෙකටම අයත් අවයව
A ∪ B (මේලය)
A ට හෝ B ට හෝ දෙකටම අයත් අවයව
A' (අනුපූරකය)
සර්වත්‍ර කුලකයේ A ට අයත් නොවන අවයව
විසන්ධි කුලක
A ∩ B = ∅, පොදු අවයව නැත
n(A ∪ B) = n(A) + n(B) − n(A ∩ B)

✏️ නිදසුන

සිසුන් 40ක පන්තියක 25ක් ගණිතයට, 20ක් විද්‍යාවට, 10ක් දෙකටම කැමතියි. කිසිවකට කැමති නැති සිසුන් කී දෙනාද?

  • n(G ∪ V) = 25 + 20 − 10 = 35
  • කිසිවකට නැති = 40 − 35 = 5

✏️ නිදසුන

A = {1, 2, 3, 4}, B = {3, 4, 5} නම්

  • A ∩ B = {3, 4}
  • A ∪ B = {1, 2, 3, 4, 5}
සාරාංශය

මට පුළුවන්ද? ✅

0 / 4