6 ශ්‍රේණිය · ICT · මොඩියුලය 01 · පාඩම 08

යතුරු පුවරුව (Keyboard) නිවැරදි ව භාවිත කරමු

අත් දෙකම භාවිත කර, ඇඟිලි නිවැරදි තැන්වල තබාගෙන වේගයෙන් හා නිවැරදිව ටයිප් කරමු.

මේ පාඩම ඉගෙන ගත්තාම ඔබට පුළුවන්:
  • නිවැරදිව හා වේගවත්ව ලිවීමට පරිගණකය භාවිත කිරීමට
  • යතුරු පුවරුව මත ඇඟිලි නිවැරදිව තබා ගැනීමට
  • Tux Typing පාඩම් (Lessons) හරහා යතුරු ලියනය පුහුණු වීමට
1

ජනනිගේ කතාව

අත් දෙකම භාවිත කරමු!

ජනනි පරිගණකයෙන් යතුරු ලියනය කරන හැටි ඇගේ තාත්තා බලාගෙන හිටියා. ඇය ටයිප් කළේ එක ඇඟිල්ලකින් පමණයි. තාත්තා පෙන්වා දුන්නා අත් දෙකම භාවිත කර, ඇඟිලි නිවැරදි තැන්වල තබාගෙන ටයිප් කළොත් වැඩ ඉක්මනින් නිම කළ හැකි බව. ඒ සඳහා යතුරු පුවරුව මත ඇඟිලි තබන ආකාරය දැක්වෙන රූප සටහනකුත් ඇයට දුන්නා.

2

යතුරු පුවරුව මත ඇඟිලි තබන හැටි

එක් එක් පාටින් තියෙන යතුරු ඔබන්නේ එකම ඇඟිල්ලෙන්. යතුරක් ඔබලා බලන්න!

🏠

මැද පේළිය (Home Row)

වම් අතේ ඇඟිලි A S D F මතත්, දකුණු අතේ ඇඟිලි J K L ; මතත් තබන්න.

👆

F සහ J රහස

F සහ J යතුරුවල පොඩි උස් ඉරක් තියෙනවා. ඇස් නොබලාම දබර ඇඟිලි නිවැරදි තැනට තබන්න ඒකෙන් උදව් වෙනවා.

👍

මාපට ඇඟිලි

මාපට ඇඟිලි දෙක Space යතුර මත තබන්න. වචන අතර හිස්තැනක් තබන්නේ මෙයින්.

3

වැදගත් යතුරු කිහිපයක්

🧩 යතුර සහ එහි කාර්යය

වම් පැත්තේ යතුරක් ඔබලා, දකුණු පැත්තෙන් එහි කාර්යය තෝරන්න.

යතුරකාර්යය

4

Tux Typing පාඩම් (Lessons)

ක්‍රියාකාරකම 8.1

  1. Tux Typing ක්‍රීඩාව විවෘත කර Lessons අදියරට පිවිසෙන්න.
  2. එහි basic_lesson_01.xml අදියර තෝරාගෙන ක්‍රීඩාවේ යෙදෙන්න.
  3. ඉන්පසු basic_lesson_43.xml දක්වා පියවරෙන් පියවර සාර්ථකව නිම කරන්න.
  4. පාසල් වේලාවෙන් පසු දිනකට අදියර දෙකක් ක්‍රීඩා කර, අවසානයේ තිර රූපයක් (screen shot) ගෙන පන්තියට ඉදිරිපත් කරන්න.

සටහන

සෑම පියවරකදීම ක්‍රීඩාවේ දැක්වෙන පරිදි "errors" (වැරදි) හැකිතාක් අඩු කර ගැනීමටත්, "accuracy" (නිරවද්‍යතාව) 100% දක්වා ලඟා විමටත් උත්සාහ කරන්න.

5

මට පුළුවන්ද? ✅

ඔබට ඉටු කළ හැකි කාර්යයන් ඉදිරියේ ඇති කොටුව ලකුණු කරන්න.

මගේ ලකුණු: