6 ශ්‍රේණිය · ICT · මොඩියුලය 01 · පාඩම 09

කාර්යයට සහ ස්ථානයට ගැළපෙන පරිගණකයක් තෝරා ගනිමු

මේස පරිගණකය, ලැප්ටොප්, ටැබ්ලට්, සුහුරු දුරකථනය – හැම එකක්ම ගැළපෙන්නේ වෙනස් වැඩවලට!

මේ පාඩම ඉගෙන ගත්තාම ඔබට පුළුවන්:
  • පරිගණක භාවිත කළ හැකි විවිධ අවස්ථා නම් කිරීමට
  • පුද්ගල පරිගණක වර්ග හඳුනා ගැනීමට
  • කාර්යයට සහ ස්ථානයට ගැළපෙන පරිගණකයක් තෝරා ගැනීමට
1

පරිගණක සමඟ ක්ෂේත්‍ර චාරිකාවක්

"වන ජීවී සම්පත සුරකිමු"

පාසලේ ශිෂ්‍ය කණ්ඩායමක් යාල වනෝද්‍යානයේ ක්ෂේත්‍ර චාරිකාවකට සහභාගී කරවන්න පාසලේ පරිසර කේන්ද්‍රය සූදානම් වෙනවා. චාරිකාවේදී ලබා ගන්නා තොරතුරු පරිගණකවල සටහන් කර ගත යුතුයි. ඊට සුදුසු පරිගණකය කුමක්ද?

2

පුද්ගල පරිගණක වර්ග

කාඩ්පතක් ඔබා එහි විශේෂතා බලන්න.

3

කුමන පරිගණකයද ගැළපෙන්නේ?

🧩 අවස්ථාවට ගැළපෙන පරිගණකය

වම් පැත්තේ අවස්ථාවක් ඔබලා, ඊට වඩාත්ම ගැළපෙන පරිගණකය දකුණු පැත්තෙන් තෝරන්න.

අවස්ථාවපරිගණකය

ඔබ දන්නවද?

සමහර වැඩ එක පරිගණකයකට වඩා වැඩි ගණනකින් කරන්න පුළුවන්. වැදගත් වෙන්නේ කාර්යයට සහ ස්ථානයට වඩාත්ම ගැළපෙන එක තෝරා ගැනීමයි.

4

සසඳා බලමු

🔋

බැටරිය

  • මේස පරිගණකය – නැහැ ❌
  • ලැප්ටොප් – ඇත ✅
  • ටැබ්ලට් – ඇත ✅
  • සුහුරු දුරකථනය – ඇත ✅
🎒

එහා මෙහා ගෙන යාම

  • මේස පරිගණකය – අපහසුයි
  • ලැප්ටොප් – පහසුයි
  • ටැබ්ලට් – ඉතා පහසුයි
  • සුහුරු දුරකථනය – ඉතා පහසුයි
🔌

ප්‍රධාන විදුලිය

මේස පරිගණකය වැඩ කරන්නේ ප්‍රධාන විදුලි සැපයුම තියෙනකොට පමණයි. අනෙක් ඒවා බැටරියෙන් වැඩ කරනවා.

✅ හරිද? වැරදිද?

නිවැරදි නම් ✓ ද, වැරදි නම් ✗ ද ඔබන්න.

5

මට පුළුවන්ද? ✅

ඔබට ඉටු කළ හැකි කාර්යයන් ඉදිරියේ ඇති කොටුව ලකුණු කරන්න.

මගේ ලකුණු: