11 ශ්‍රේණිය · ගණිතය · ඒකකය 11.6 · පාඩම 6

(a + b)³ ප්‍රසාරණය

10 වසරේ (a + b)² ඉගෙන ගත්තා. දැන් (a + b)³ ප්‍රසාරණය හා එහි යෙදීම් බලමු.

ඉගෙනුම් පලය 1(a ± b)³ ප්‍රසාරණය කරයි
ඉගෙනුම් පලය 2සංඛ්‍යාත්මක ගණනයට එය යොදයි
6.1

සූත්‍ර

(a + b)³ = a³ + 3a²b + 3ab² + b³
(a − b)³ = a³ − 3a²b + 3ab² − b³

✏️ නිදසුන

(x − 2)³ ප්‍රසාරණය කරන්න.

  • = x³ − 3(x²)(2) + 3(x)(4) − 8
  • = x³ − 6x² + 12x − 8

✏️ නිදසුන

11³ ගණනය කරන්න.

  • = (10 + 1)³ = 1000 + 300 + 30 + 1
  • = 1331
සාරාංශය

මට පුළුවන්ද? ✅

0 / 4