උපාංග සහ මිනිසුන් ආරක්ෂා කරමින්, සදාචාරසම්පන්නව පරිගණක විද්යාගාරයේ හැසිරෙමු.
පරිගණක විද්යාගාරයක පරිගණක, විදුලි රැහැන් සහ වෙනත් වටිනා උපකරණ රැසක් තියෙනවා. ඒ නිසා එහිදී සැලකිලිමත් විය යුතු කරුණු සංකේතාත්මක සටහන් ලෙස විද්යාගාරය තුළ ප්රදර්ශනය කර ඇත.
එක් එක් ක්රියාව විද්යාගාරයේදී කළ යුත්තක්ද නොකළ යුත්තක්ද කියලා තෝරන්න.
පහත සිදුවීම් සිදු වූයේ කුමන වැරදි ක්රියාවක් නිසාදැයි ගළපන්න.
වම් පැත්තේ සිදුවීමක් ඔබලා, ඊට හේතු වූ වැරදි ක්රියාව දකුණු පැත්තෙන් තෝරන්න.
ගුරුවරයාගේ අවසරය ඇතිව, ගුරුවරයාගේ උපදෙස් අනුව පමණක් වැඩ කරන්න.
පාවහන් පිටත පිළිවෙළට තබා ඇතුළු වන්න.
වැඩ ඉවර වූ පසු පරිගණකය නිසි ලෙස වසා දමා, පුටුව මේසය යටට තල්ලු කරන්න.
යම් උපකරණයක දෝෂයක් දුටුවොත් වහාම ගුරුවරයාට කියන්න.
විදුලි රැහැන්, ප්ලග් ඇදීම හෝ ඒවා සමඟ සෙල්ලම් කිරීම නොකරන්න.
වෙනත් අයගේ ගොනු මකන්න හෝ වෙනස් කරන්න එපා.
නිවැරදි නම් ✓ ද, වැරදි නම් ✗ ද ඔබන්න.
ඔබට ඉටු කළ හැකි කාර්යයන් ඉදිරියේ ඇති කොටුව ලකුණු කරන්න.