12 ශ්‍රේණිය · GIT · ඒකකය 12.6 · පාඩම 6

අන්තර්ජාල ගෘහ නිර්මාණය හා සේවා

ඔබ gurudesk.site ටයිප් කළ විට ඇත්තටම සිදු වන්නේ කුමක්ද? අන්තර්ජාලයේ ක්‍රියාකාරිත්වය, ප්‍රොටෝකෝල හා සේවා ඉගෙන ගනිමු.

ඉගෙනුම් පලය 1අන්තර්ජාලයේ ගෘහ නිර්මාණය පැහැදිලි කරයි
ඉගෙනුම් පලය 2ප්‍රධාන ප්‍රොටෝකෝල හඳුනා ගනී
ඉගෙනුම් පලය 3අන්තර්ජාල සේවා ඵලදායී ලෙස හා ආරක්ෂිතව භාවිත කරයි
6.1

ගෘහ නිර්මාණය

  1. පරිශීලකයා බ්‍රව්සරයේ URL ටයිප් කරයි (සේවාලාභියා / client).
  2. DNS සේවාදායකය වසම් නාමය IP ලිපිනයට හරවයි.
  3. ISP හරහා ඉල්ලීම වෙබ් සේවාදායකයට (server) යයි.
  4. සේවාදායකය HTTP / HTTPS මගින් පිටුව ආපසු යවයි.
  5. බ්‍රව්සරය පිටුව දර්ශනය කරයි.
ප්‍රොටෝකෝලයකාර්යය
HTTP / HTTPSවෙබ් පිටු (HTTPS සංකේතනය කළ)
FTPගොනු හුවමාරුව
SMTPඊමේල් යැවීම
POP3 / IMAPඊමේල් ලබා ගැනීම
TCP/IPඅන්තර්ජාලයේ මූලික සන්නිවේදන ප්‍රොටෝකෝල කට්ටලය
6.2

සේවා

තොරතුරු

WWW, සෙවුම් යන්ත්‍ර, විකි, e-library.

සන්නිවේදනය

ඊමේල්, ක්ෂණික පණිවිඩ, VoIP / වීඩියෝ ඇමතුම්, සමාජ මාධ්‍ය.

වලාකුළු (Cloud)

මාර්ගගත ආචයනය හා යෙදුම් (Google Drive, Office 365).

🔍 සෙවීම ඉක්මන් කිරීමට: නිශ්චිත වාක්‍ය ඛණ්ඩයකට "උද්ධෘත"; වචනයක් ඉවත් කිරීමට −; නිශ්චිත අඩවියක site:nie.lk.

සාරාංශය

මට පුළුවන්ද? ✅

0 / 4