අකුරු වර්ගය, ප්රමාණය, පාට වෙනස් කරලා, තද පැහැ, ඇල, යටි ඉරි දාලා ලේඛනය ලස්සන කරමු!
ඕෂානි තම මිතුරියන් සමඟ පාසලේ අනෙකුත් බිත්ති පුවත්පත් ලිපි කියවද්දී, විවිධ ආකාරයෙන් අකුරු හැඩසව් ගැන්වූ ලිපි දැක්කා. ඒ අනුව තමන් ටයිප් කළ ලිපියත් අලංකාර ලෙස සකස් කරන්න ඇය තීරණය කළා.
හැඩසව් ගැන්වීම (Formatting): අකුරු, ප්රමාණය, වර්ණය හෝ පිරිසැලසුම වෙනස් කිරීම වැනි ලේඛනයක පෙළ හෝ වෙනත් මූලද්රව්යවල පෙනුම සීරුමාරු කිරීම.
Font Face – ඊ හිස ක්ලික් කර කැමති අකුරු වර්ගයක් තෝරන්න.
Font Size – අංකය ක්ලික් කර ලැබෙන මෙනුවෙන් සුදුසු අගයක් තෝරන්න.
Bold – වචනය තෝරා B ක්ලික් කරන්න.
Italic – වචනය තෝරා I ක්ලික් කරන්න.
Underline – වචනය තෝරා U ක්ලික් කරන්න.
Font Color – ඊ හිස ක්ලික් කර වර්ණයක් තෝරන්න. More Colors මගින් තවත් වර්ණ ලැබේ.
හැඩසව් ගැන්වීමට පෙර, වෙනස් කළ යුතු වචනය හෝ වචන කිහිපය තෝරා (select) ගන්න ඕනේ. ඒ සඳහා මූසිකයේ වම් බොත්තම තද කරගෙන වචන මතින් ඇදගෙන යන්න.
ලේඛනයේ කොටසක් ක්ලික් කර තෝරා, ඉහළ අංක 1–6 මෙවලම් භාවිත කරන්න.
වම් පැත්තේ මෙවලමක් ඔබලා, එයින් කරන කාර්යය දකුණු පැත්තෙන් තෝරන්න.
ඔබට ඉටු කළ හැකි කාර්යයන් ඉදිරියේ ඇති කොටුව ලකුණු කරන්න.