6 ශ්‍රේණිය · ICT · මොඩියුලය 02 · පාඩම 18

පරිගණක ලේඛනයක් විචිත්‍රවත් කරමු

පින්තූර, හැඩතල, පාඨ කොටු සහ පද රූ (WordArt) එකතු කරලා ලේඛනය විචිත්‍රවත් කරමු!

මේ පාඩම ඉගෙන ගත්තාම ඔබට පුළුවන්:
  • නිසිපරිදි ලේඛනයකට වස්තු (objects) ඇතුළත් කිරීමට
  • Insert ටැබයේ Pictures, Shapes, Text Box, WordArt භාවිත කිරීමට
1

මොවිඳුගේ "My Dream World"

පාසල් වාර්ෂික සඟරාව සඳහා...

මොවිඳුලසඳු, මම මේ අවුරුද්දෙ පාසල් සඟරාවට ලිපියක් දෙන්න හිතාගෙන ඉන්නෙ.
ලසඳුමොවිඳු, ඔයා මොනව ගැනද ලියන්නෙ?
මොවිඳුමම ලියන්න හිතාගෙන ඉන්නෙ "My Dream World" ගැන. වදන් සැකසුම් මෘදුකාංගයෙන් ලිපිය ලස්සනට හදාගන්න පුළුවන්නෙ.
ලසඳුඒක හොඳයි, මමත් ලිපියක් ලියන්න ඕන.
2

Insert ටැබය – වස්තු (Objects) ඇතුළු කරමු

A. පින්තූර

Pictures – ඡායාරූප හෝ ඔබ සතු පින්තූර ලේඛනයට ඇතුළු කරයි.

B. හැඩතල

Shapes – තරු, ඊතල, වෘත්ත වැනි ජ්‍යාමිතික හැඩ.

C. පාඨ කොටු

Text Box – ඕනෑම තැනක තබා, හරවා ලිවිය හැකි කොටුවක්.

D. පද රූ

WordArt – සෙවනැලි, දළ සටහන්, වර්ණ වැනි බලපෑම් සහිත ලස්සන අකුරු.

නිම් රූ (Clip Art)

නිම් රූ (Clip art) යනු පෙර පැවති එකතුවකින් ලේඛනයකට ඇතුළු කළ හැකි සරල පින්තූර හෝ චිත්‍රකයි.

3

ලේඛනය විචිත්‍රවත් කරමු!

✨ My Dream World ලිපියට වස්තු එකතු කරමු

Insert ටැබයේ A–D බොත්තම් ක්ලික් කරන්න. එකතු වූ වස්තු ඇදගෙන ගොස් කැමති තැනක තබන්න. පාඨ කොටුවේ සහ WordArt හි ඔබේ වචන ටයිප් කරන්න!

4

පියවරෙන් පියවර

පින්තූර ඇතුළු කිරීම

  1. Insert ටැබයේ Pictures (A) ක්ලික් කරන්න.
  2. ලැබෙන කවුළුවෙන් සුදුසු පින්තූරයක් තෝරා Insert ක්ලික් කරන්න.

හැඩතල ඇතුළු කිරීම

  1. Shapes (B) අයිකනය ක්ලික් කර, ලැබෙන මෙනුවෙන් හැඩතලයක් තෝරන්න.
  2. ලේඛනයේ අදාළ ස්ථානයේ මූසිකයේ වම් බොත්තම තද කරගෙන අවශ්‍ය ප්‍රමාණයට ඇඳ ගන්න.

පාඨ කොටු ඇතුළු කිරීම

  1. Text Box (C) ක්ලික් කර Draw Text Box තෝරන්න.
  2. මූසිකය ඇදගෙන කොටුව අඳින්න. ඔබට අවශ්‍ය වචන එහි ටයිප් කරන්න.
  3. Format ටැබයේ Shape Fill (ඇතුළත වර්ණය) සහ Shape Outline (වටා ඇති රේඛාව) වෙනස් කළ හැකියි.
  4. කොටුව ක්ලික් කළ විට ඉහළින් ඇති රවුම මත මූසිකය තද කරගෙන කරකවා අවශ්‍ය දිශාවකට හරවන්න.

පද රූ ඇතුළු කිරීම

  1. WordArt (D) අයිකනය ක්ලික් කරන්න.
  2. ලැබෙන මෙනුවෙන් ඔබට අවශ්‍ය රටාවක් ක්ලික් කරන්න.
  3. ලැබෙන කොටුව තුළ ඔබට අවශ්‍ය වචන ටයිප් කරන්න.

📝 පැවරුම 3.1

  • ඔබ කලින් නිර්මාණය කළ "මා පිළිබඳ ව" ලේඛනය විවෘත කර ගන්න.
  • එය තවදුරටත් විචිත්‍රවත් කිරීමට සුදුසු පින්තූර (Pictures), ගැළපෙන හැඩතල (Shapes), නිම් රූ (ClipArt) සහ පද රූ (WordArt) යොදන්න.
5

මට පුළුවන්ද? ✅

ඔබට ඉටු කළ හැකි කාර්යයන් ඉදිරියේ ඇති කොටුව ලකුණු කරන්න.

මගේ ලකුණු: