10 ශ්‍රේණිය · ඉතිහාසය · ඒකකය 10.2 · 2 කොටස

ඓතිහාසික යුගය හා අභියෝග ජය ගැනීම

වැවක් වටා ගම්මානයක්, ගමක් වටා කුඹුරු, සැලසුම් කළ නගරයක්... අපේ මුතුන් මිත්තන් ස්වාභාවික පරිසරයට මුසු වෙමින් නව ශිෂ්ටාචාරයක් ගොඩනැගුවේ කෙසේද?

ඉගෙනුම් පලය 1ඓතිහාසික යුගය හඳුන්වයි
ඉගෙනුම් පලය 2ඓතිහාසික යුගයේ ජනාවාස සිතියමක ලකුණු කරයි
ඉගෙනුම් පලය 3ඓතිහාසික යුගයේ ජනයා අභියෝග ජය ගත් ආකාරය විස්තර කරයි
හැඳින්වීම

ඓතිහාසික යුගය යනු?

සාහිත්‍ය මූලාශ්‍ර මගින් විස්තර කරන ඈත අතීතය ඓතිහාසික යුගය ලෙස හැඳින්වේ. ශ්‍රී ලංකාවේ ඓතිහාසික යුගය ලෙස ක්‍රි.පූ. 450 පමණ සිට කාලය සලකනු ලැබේ.

ඓතිහාසික යුගය: ලිඛිත හා පුරාවිද්‍යාත්මක සාධක මත ගොඩනගාගත් යුගය.

ජනාවාස

ජනාවාස පැතිරීමට බලපෑ සාධක

භූ භෞතික පසුබිම

  • වර්ෂාපතනය
  • පස
  • ස්වාභාවික සම්පත්
  • ජලවහනය (ගංගා)

ජනාවාසවල ස්වරූපය

  • ග්‍රාමීය ජනාවාස
  • නාගරික ජනාවාස

වාපීගම්

වැවක් කේන්ද්‍ර කරගනිමින් වර්ධනය වූ ගම් සාහිත්‍යයේ “වාපීගම්” ලෙස හැඳින්වේ. වැව් ඉදි කිරීමත් සමඟ ජනාවාස ගංගා නිම්නවලින් පිටතටද පැතිරුණි.

වෘත්තීය ගම්

විවිධ වෘත්තීන් හා කාර්යයන් පදනම් කරගෙන ගම් සැකසී තිබුණි.

ගමක ව්‍යුහය

  • සාමාන්‍යයෙන් ගමක පවුල් 5–6ක් පමණ
  • විශාල ගම්වල පවුල් 30ක් පමණ
  • සමහර ගම් වැවකින් ආරක්ෂා කර තිබුණි (පරික්ඛිත්ත ගම්)
නාගරීකරණය

සැලසුම් කළ නගර

නගරයක් යනු සැලසුම් කළ ජනාවාසයකි.

උදාහරණය: පණ්ඩුකාභය රජුගේ අනුරාධපුර නගර සැලැස්ම. මහාවංසයට අනුව රජතුමා නගරයේ ගම් සීමා වෙන් කළේය, සොහොන් බිම, විවිධ කණ්ඩායම්වලට වාසස්ථාන හා ආගමික ස්ථාන සැලසුම් කළේය. ජලය සඳහා අභය වැව ඉදි කළේය.

යැපුම් ක්‍රමය

  • මඩ ගොවිතැන (කුඹුරු)
  • ගොඩ ගොවිතැන (හේන්)

තාක්ෂණය

  • වර්ෂා ජලය එකතු කිරීමට වැව් තැනීම
  • ඇළ මාර්ග සැකසීම
අභියෝග

මුල් ඓතිහාසික ජනයා මුහුණ දුන් අභියෝග

🗺️ කණ්ඩායම් ක්‍රියාකාරකම (සිතියම): ශ්‍රී ලංකා සිතියමක ප්‍රධාන ගංගා ලකුණු කර, 1 කොටසේ ප්‍රාග් හා පූර්ව ඓතිහාසික ස්ථාන වර්ණ දෙකකින් ද, අනුරාධපුරය වැනි ඓතිහාසික යුගයේ ජනාවාස තවත් වර්ණයකින් ද ලකුණු කරන්න. ජනාවාස ගංගා හා වැව් අවට පැතිර ඇති ආකාරය පැහැදිලි කරන්න.

⚖️ ක්‍රියාකාරකම: හරිද? වැරදිද? 0 / 4

සාරාංශය

මට පුළුවන්ද? ✅

0 / 5