Skip to Content

ආයතන සඳහා

මුළු ආයතනයම එකම තැනකින්

හැම ගුරුවරයෙක්ම, හෝල් එකක්ම, සිසුවෙක්ම, ගාස්තුවක්ම එකම පද්ධතියක. හැම පන්ති ගුරුවරයෙක්ටම පේන්නේ තමන්ගේ පන්ති විතරයි.

ආයතන වෙනුවෙන් හදපු

ගුරුවරු ගොඩක්, එක front desk එකක්, පැටලිලි නෑ

ටියුෂන් පන්තියකට ලැබෙන හැමදේම, ඒ එක්කම ගුරුවරු කිහිපදෙනෙක් සහ හෝල් කිහිපයක් තියෙන ආයතනයකට ඕනේ දේවලුත්.

ගුරුවරුන්ට පේන්නේ තමන්ගේ පන්ති විතරයි

පන්ති ගුරුවරු පැමිණීම ලකුණු කරනවා, තමන්ගේ සිසුන් සහ ගාස්තු බලනවා. වෙන කෙනෙක්ගේ පන්තිවල කිසිම දෙයක් පේන්නේ නෑ.

ගුරු ගෙවීම් ඔයා වෙනුවෙන් ගණනය කරනවා

හැම ගුරුවරයෙක්ගේම කොටස එක පාරක් සකසන්න. ගාස්තුවක් ගෙව්ව ගමන් ඒක බෙදෙනවා, මාසික ගෙවීම ගෙවන්න ලෑස්තියි.

Front desk කවුන්ටරයක්

Front desk එක සිසුන් ලියාපදිංචි කරනවා, පන්තිවලට දානවා, හැම පන්තියකම ගාස්තු එකතු කරනවා.

හෝල් දෙපාරක් වෙන් වෙන්නේ නෑ

ඔයාගේ හෝල් එක පාරක් ඇතුළත් කරන්න. එකම වෙලාවට පන්ති දෙකකට එකම හෝල් එක, නැත්නම් එකම ගුරුවරයා දාන්න බෑ.

අයිතිකරුට සාරාංශයක්

මේ මාසේ ගාස්තු, තාම ලැබෙන්න තියෙන මුදල්, අද පන්ති සහ නොපැමිණීම් එකම screen එකක.

ඔයාගේ සිසුන් ඔයාගේම යි

හැම ආයතනයක්ම වෙන වෙනම තියෙන්නේ. GuruDesk එකේ ඉන්න වෙනත් ආයතනවලට හෝ ගුරුවරුන්ට ඔයාගේ සිසුන් කවදාවත් පේන්නේ නෑ.

වැඩ කරන විදිහ

හැමෝටම තමන්ට ඕනේ screen එක

  1. අයිතිකරු

    හැම පන්තියක්ම, සිසුවෙක්ම, ගාස්තුවක්ම බලනවා, කාර්ය මණ්ඩලය සහ හෝල් එකතු කරනවා, හැම මාසෙම ගුරුවරුන්ට ඔවුන්ගේ කොටස ගෙවනවා.

  2. Front desk

    සිසුන් ලියාපදිංචි කරනවා, පන්තිවලට දානවා, කවුන්ටරයේදී ගාස්තු එකතු කරනවා.

  3. පන්ති ගුරුවරු

    තමන්ගේ පන්තිවලට පැමිණීම ලකුණු කරනවා, මේ මාසේ හම්බ කරපු ගාන බලනවා.

මිල ගණන්

ඔයාගේ ආයතනයට මිලක්

ආයතනයක මිල තීරණය වෙන්නේ ගුරුවරු සහ සිසුන් කීයක් ඉන්නවද කියන එක මත. ඔයාගේ ප්‍රමාණය කියන්න, අපි මිලක් එවන්නම්.

  1. අපි WhatsApp එකෙන් message කරනවාඔයාගේ ප්‍රමාණයට ගැලපෙන මිලක් එක්ක, ඔයාගේ ප්‍රශ්නවලට උත්තරත් එක්ක.
  2. අපි ඔයාත් එක්ක ආයතනය සකස් කරනවාහෝල්, පන්ති, ගුරුවරු සහ front desk එක.
  3. ඔයාගේ කාර්ය මණ්ඩලය පාවිච්චි කරන්න පටන් ගන්නවාහැමෝටම තමන්ගේම login එකක්, ගැලපෙන access එකත් එක්ක.
WhatsApp එකෙන් chat කරන්න