1.2 සන, ද්රව සහ වායුවල ලක්ෂණ
සන, ද්රව සහ වායුවල ලක්ෂණ සසඳමු
පදාර්ථවල ලක්ෂණ තුනක් ගැන අපි බලමු: ස්කන්ධය, පරිමාව සහ හැඩය.
ස්කන්ධය (mass)
වස්තුවක අඩංගු පදාර්ථ ප්රමාණය එහි ස්කන්ධයයි. ගෘහස්ථ තරාදියෙන් මනින්න පුළුවන්.
අන්තර්ජාතික ඒකකය කිලෝග්රෑම් (kg) වේ. 1 kg = 1000 g · 1 g = 1000 mg
පරිමාව (volume)
වස්තුවක් අවකාශයේ අත්කර ගන්නා ඉඩ ප්රමාණය එහි පරිමාවයි. මිනුම් සරාවෙන් මනින්න පුළුවන්.
ලීටරය (L) සහ මිලිලීටරය (mL). 1 L = 1000 mL
හැඩය (shape)
සනයකට තමන්ගේම හැඩයක් තියෙනවා. ද්රව සහ වායු ඒවා දාන බඳුනේ හැඩය ගන්නවා.
වතුර වීදුරුවට දැම්මොත් වීදුරුවේ හැඩය. බැලූනයට පිම්බොත් වාතය බැලූනයේ හැඩය!
වාතය පිරවූ වොලිබෝලයක් තරාදියේ තියලා බලන්න. ඊට පස්සේ වාතය ඉවත් කරලා ආයෙත් කිරන්න. ස්කන්ධය අඩු වෙනවා! එයින් පේනවා වායුවලටත් ස්කන්ධයක් ඇති බව.
අලුත් ගෑස් සිලින්ඩරයක් ඔසවන්න අමාරුයි. ගොඩක් කල් පාවිච්චි කළාම සැහැල්ලුයි. ඇතුළේ තිබුණ LP gas අවසන් වුණු නිසයි. (සිලින්ඩරය ඇතුළේ මේ වායුව තදින් තෙරපලා ද්රව තත්ත්වයෙන් තියෙන්නේ.)
හිස් වීදුරුවක් යටිකුරු කරලා වතුරට තදින් ඔබන්න. වතුර ඇතුළට යන්නේ නැහැ. මොකද ඇතුළේ වාතය ඉඩ අල්ලගෙන ඉන්නවා. පොඩ්ඩක් ඇල කළොත් බුබුළු එළියට එනවා බලන්න!
🫁 ක්රියාකාරකම: ඔබේ හුස්මක පරිමාව කීයද?
- 1.5 L බෝතලයක පිටතින් ආවරණ පටියක් අලවලා, 100 mL බැගින් වතුර දාමින් ලකුණු කරන්න.
- බෝතලය වර්ණවත් වතුරෙන් පුරවලා, යටිකුරු කරලා වතුර බේසමක තියන්න.
- බටයකින් එක හුස්මක් බෝතලයට පිඹින්න. පිට වුණු වතුර ප්රමාණය බලලා ඔබේ හුස්මක පරිමාව කියවන්න.
⚠️ හැමෝම එකම බටයෙන් පිඹින්න එපා. තමන්ගේම පිරිසිදු බටයක් පාවිච්චි කරන්න.
🐋 අමතර දැනුමට: ලෝකයේ විශාලතම පෙණහලු ඇති සත්ත්වයා නිල් තල්මසා (blue whale). එයාගේ පෙණහලුවල වාතය ලීටර 5,000කටත් වඩා ගබඩා කරගන්න පුළුවන්!
📋 සාරාංශය - කොටුව ඔබලා උත්තරය බලන්න
| පදාර්ථ වර්ගය | ස්කන්ධය | හැඩය | පරිමාව |
|---|---|---|---|
| සන | ඇත | ❓ බලන්නනිශ්චිත හැඩයක් ඇත ✔ | ❓ බලන්නනිශ්චිත පරිමාවක් ඇත ✔ |
| ද්රව | ඇත | ❓ බලන්නනිශ්චිත හැඩයක් නැත ✘ | ❓ බලන්නනිශ්චිත පරිමාවක් ඇත ✔ |
| වායු | ඇත | ❓ බලන්නනිශ්චිත හැඩයක් නැත ✘ | ❓ බලන්නනිශ්චිත පරිමාවක් නැත ✘ |
📖 ළමා කතාවක්: කම්මැලි බූරුවා
එක රටක වෙළෙන්දෙක් ලුණු බඩු ගෙනියන්න බූරුවෙක් ඇති කළා. දවසක් ලුණු ගෝනි පටවාගෙන ගඟ හරහා යනකොට බූරුවා ලිස්සලා වතුරට වැටුණා. ලුණු දිය වුණා, බර සැහැල්ලු වුණා! ඊට පස්සේ කම්මැලි බූරුවා හැමදාම හිතාමතා ගඟට වැටුණා.
දවසක් වෙළෙන්දා ලුණු වෙනුවට පුළුන් ගෝනි පැටෙව්වා. බූරුවා ආයෙත් ගඟට වැටුණා. පුළුන් වතුර උරාගෙන ගොඩක් බර වුණා! බූරුවාට ඇවිදින්නත් අමාරු වුණා.
🤔 ලුණු දිය වුණාම බර අඩු වුණේ ඇයි? පුළුන් තෙත් වුණාම බර වැඩි වුණේ ඇයි?
There are no comments for now.